Thursday, October 10, 2024
Homeදේශීයකීට විද්‍යා නිලධාරී හිඟයි – වසංගත තත්වයන් කළමනාකරණය අර්බුදයක

කීට විද්‍යා නිලධාරී හිඟයි – වසංගත තත්වයන් කළමනාකරණය අර්බුදයක

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී තනතුරු 120ක පමණ හිඟයක් පවතින බවත් එම නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී වසංගත තත්වයන් කළමනාකරණය පිළිබඳ අර්බුදයක් මතු විය හැකි බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසයි.

එමෙන්ම මෙම වසරේ පමණක් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 10 දෙනෙකු පමණ විදේශගත වී ඇති බවද ඔහු සඳහන් කරයි.

ඔවුන්ගෙන් ඇතැම් පිරිස් නිවාඩු සහිතව විදේශගතව ඇති නමුත් තවත් පිරිසක් රැකියාව අතහැර විදේශගතව ඇති බවද ඔහු පෙන්වා දෙයි කළේය.

මේ අතර, වසරකට නිලධාරීන් 05 දෙනෙකු පමණ විශ්‍රාම ගන්නා බැවින් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා බලධාරීන් කඩිනමින් පියවරක් ගත යුතු බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන වැඩිදුරටත් පවසයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments