Homeසියලුම පුවත්කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාව ගත් පියවර අමෙරිකානු විද්වතුන්ගේ ඇගයීමට

කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාව ගත් පියවර අමෙරිකානු විද්වතුන්ගේ ඇගයීමට

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව පැතිර යන වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර අමෙරිකානු විද්වතුන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ.අමෙරිකාවේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ ගෝලීය වැඩසටහනක ආරාධනයකට අනුව මහාචාර්ය චන්න ජයසුමන මහතා එහි සංචාරයක නිරත වී ඇත.එහිදී ලොව නිවර්තන කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵල ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.මීට වසර 15කට පමණ පෙර මෙම රෝගය ශ්‍රී ලංකාවට සහ මධ්‍යම අමෙරිකාවේ රටවල් කිහිපයකට සීමා වී තිබුණද, මේ වන විට රටවල් 25ක පමණ රෝගීන් වාර්තා වී ඇති බව එහිදී අනාවරණය වී ඇත.පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා ගත් පියවර හේතුවෙන් රෝගය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද සඳහන් වේ.විවිධ බාධක මධ්‍යයේ ක්‍රියාත්මක කළ එම වැඩපිළිවෙළ අමෙරිකානු විද්වතුන්ගේ ඇගයීමට ලක්ව ඇති අතර, ලෝකයේ අනෙකුත් රටවලද මෙවැනි රෝග පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් ආදර්ශයක් ලෙස යොදාගත හැකි බව ප්‍රකාශ වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments