කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව ඉබෝලා වෛරස් ව්‍යාප්තියක් වාර්තා වී ඇති බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ සහ විදෙස් මාධ්‍ය පවසයි.
මේ වන විට සැකකටයුතු රෝගීන් 246ක් පමණ හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව 65 සිට 80 අතර ප්‍රමාණයක් ලෙස වාර්තා වේ.
මෙවර පැතිර යන්නේ ඉබෝලා වෛරසයේ බුන්ඩිබුග්යෝ (Bundibugyo) ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
උණ, ඇඟපත වේදනාව, වමනය, පාචනය සහ ශරීරයෙන් ලේ ගැලීම වැනි ලක්ෂණ මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දැක්වෙයි.
මෙම රෝගයට තවමත් නිල වශයෙන් අනුමත ස්ථිර එන්නතක් නොමැති නිසා පාලනය කිරීම අභියෝගාත්මක තත්ත්වයක පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කොංගෝ රාජ්‍යයේ නව ඉබෝලා වෛරස් රැල්ලක්

