Homeසියලුම පුවත්ගෝඨාභය රාජපක්ෂගේ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

ගෝඨාභය රාජපක්ෂගේ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම මාර්තු 5 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.අදාළ පෙත්සම අද (25) මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 5 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.ඒ අනුව, අදාළ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා එදින නඩුව යළි කැඳවීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments