කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අද (06) සිට හෙට (07) දක්වා එම මාර්ගය වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව අද පෙරවරු 9.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව සඳහන් වේ.
එම කාලය තුළ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ද සීමා කෙරෙන අතර, මන්දගාමී දුම්රිය කිහිපයක් නාරාහේන්පිට සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ හොරපේ දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය ද ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අද සහ හෙට දෙදින තුළ වසා තැබීමට පියවර ගෙන ඇත.
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දැමේ

