කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව තිබේ.
මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්රමාද වී ඇති බව වාර්තා වේ.
අද (10) පස්වරුවේ මෙම සංඥා පද්ධතියේ බිඳවැටීම සිදුව ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීන්ට ප්රමාදයන්ට මුහුණදීමට සිදුව තිබේ.

