Homeසියලුම පුවත්අනුරාධපුර සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ඇමති නලින්දගෙන් පිළිතුරක්

අනුරාධපුර සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ඇමති නලින්දගෙන් පිළිතුරක්

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට සැකයක් හෝ ගැටලුවක් පවතින්නේ නම්, එම සැලැස්මේ සභාපතිත්වය දරන වැඩබලන අටමස්ථානාධිපති හිමියන් හමුවී කරුණු පැහැදිලි කරගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනුරාධපුර පූජා භූමියේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පූජා භූමි සංවර්ධන වැඩසටහනට අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා සාමාජිකයන් 32 දෙනෙකුගෙන් යුත් ජනාධිපති උපදේශක සභාවක් පත් කර ඇති බවද ඔහු පැවසීය. එහි සභාපතිත්වය දරන්නේ වැඩබලන අටමස්ථානාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා බවද සඳහන් කළේය.සත්‍යග්‍රහයේ නිරත පිරිසට යම් ගැටලුවක් ඇත්නම් රුවන්වැලිසෑය ඇතුළු විහාරස්ථානවල නායක හිමිවරුන් හමුවී සාකච්ඡා කරගත හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.මේ අතර, අධිකරණ නියෝගයට අවනත නොවී අදාළ භූමියේ රැඳී සිටීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් අධිකරණයට නව බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.එම පිරිස රැඳී සිටින්නේ රථගාලේ බවත්, පුද්ගලයන් පස්දෙනෙකුට නොවැම්බර් 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.තවද අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල හෙරොයින් සහ ගංජා භාවිත කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments