කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානි සහ විශාල විනාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ මෙම දුක්බර අවස්ථාවේදී ශ්‍රී ලංකාව කොලොම්බියානු ජනතාව සහ රජය සමඟ සහයෝගයෙන් සිටින බවයි.
රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 224 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
කැලි, පෙරේරා ඇතුළු නගර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් පිරිසක් සුන්බුන් අතර සිරවී තිබේ.
සහන කණ්ඩායම් පොලීසිය, හමුදාව සහ ස්වේච්ඡා සේවකයින්ගේ සහාය ඇතිව තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටී.

