ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ විමර්ශන සඳහා වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ‘දෙමටගොඩ චමින්ද’ ලෙස හඳුන්වන චමින්ද රවී ජයනාත් ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අවසර ලබාදී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙයි.
ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර

