Homeදේශීයගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ගැටලු විසඳීමට පංච පුද්ගල කමිටුවක්

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ගැටලු විසඳීමට පංච පුද්ගල කමිටුවක්

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වත්මන් අධ්‍යයන සහ සුබසාධන ගැටලු විසදීම සදහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, විෂයභාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම කමිටුව පත් කර ඇති බවයි.

එහි කමිටු ප්‍රධානියා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර පත් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments