Thursday, October 10, 2024
Homeදේශීයගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික බැක්ටීරියාව කොළඹට ඇතුළුවෙයි

ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික බැක්ටීරියාව කොළඹට ඇතුළුවෙයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙකු බවට අනාවරණය වී ඇත.

එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇත. 

එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකර රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක මහතා පැවසීය.

එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30කු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීකයන්ගේ ජාතික ව්‍යාපාරයේ, සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ මෙම බැක්ටීරියාව ආසාදනය වූ එක් පුද්ගලයෙකු හඳුනාගැනීම පවා ඉතා වැදගත් කරුණක් බවය.

“අපි බස්නාහිර පළාත භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන්, ඒ වගේම දකුණු පළාත භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරනවා තවත් දින කිහිපයකින් පාසල් විවෘත කරන නිසා ඊට පෙර බස්නාහිර සහ දකුණු පළාත තුළ මොළයේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්තිය පාලනයට ගනු ලබන පියවර සම්බන්ධයෙන්, ඒ වගේම දෙමාපියන් තුළ ඇති විය හැකි අනියත බිය පහකිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරලා ජනතාව දැනුවත් කරන ලෙස

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments