Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්ගෝටාභය යලි අගමැතිකමට…?

ගෝටාභය යලි අගමැතිකමට…?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් දේශපාලනයට පිවිසීමට සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයන්හි කතාබහක් නිර්මාණය වී ඇත.ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිහිටුවීමට සූදානම් වෙන නව දේශපාලන සන්ධානය සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වීමේ සූදානමක් ඇති බවද එම වාර්තාවන් කියයි.ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්‍ෂක ලෙස නම් කිරීමේ සූදානමක් ඇති බවද සඳහන්ය.කෙසේ වෙතත් තමන් නැවත දේශපාලනයට පිවිසීමක් සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් නිල අදහසක් ප‍්‍රකාශ කර නැත
RELATED ARTICLES

Most Popular

Recent Comments