Wednesday, November 19, 2025
Homeදේශපාලනගෝඨාභයගේ ඉල්ලා අස්වීම තවම ලැබී නෑ - කථානායක තහවුරු කරයි

ගෝඨාභයගේ ඉල්ලා අස්වීම තවම ලැබී නෑ – කථානායක තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව අද (13) දිනයේදී දැනුම්දීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කෙසේ නමුත් අද පස්වරු 1 වන විටත් ඒ දක්වා ඉල්ලා අස්වීමේ නිල නිවේදනය තමා වෙත ලැබී නැති අතර, ලිපිය ලැබුණු වහාම නිල වශයෙන් රටට නිවේදනය කරන බව කථානායනවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය 09 වැනිදා කථානායකවරයා වෙත දැනුම්දී තිබුණි.

ඒ අනුව ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු වහාම අද දිනයේ එය නිල වශයෙන් ප්‍රකාෂයට පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

UPDATE : කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වීම නිසා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කොට ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments