Thursday, November 13, 2025
Homeදේශපාලනගෝඨාභය එලවන්න ජනපති මන්දිරය ඉදිරිපිට වාඩිවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට (LIVE VIDEO)

ගෝඨාභය එලවන්න ජනපති මන්දිරය ඉදිරිපිට වාඩිවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට (LIVE VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට වාඩි වී විරෝධතාවක නිරතවිය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමිනි.

මෙම විරෝධතාවය අතරතුර ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයව අත්අඩංගුවට ගැනීමේදී පෞද්ගලික ජංගම දුරකතනය ද පොලිසිය විසින් බාරයට ගෙන තිබෙනවා.

සිදුවීමට අදාළ සජීවී දර්ශන පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments