දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපාන තද සුළං තත්ත්වයක් සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලටද දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වයේ බලපෑම හේතුවෙන් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර, මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහාද වෙනම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වාත් වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ වරින් වර රළු විය හැකි බව එහි සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන ලෙසත් දැනුම් දී ඇත.

