Thursday, November 13, 2025
Homeදේශපාලනගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනෙන් පිට වෙයි !

ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනෙන් පිට වෙයි !

පෞද්ගලික ජෙට් යානයක් මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ මාලේ අගනුවරට ගොඩබස්වා ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වන බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ මාලේ සිට සිංගප්පූරුව බලා යාමට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමට නියමිතව තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත නියමිත පරිදි ගමන් කළේ නැත.

රාජපක්ෂ මහතා මාලදිවයිනෙන් පිටත්වීම සඳහා පෞද්ගලික ජෙට් යානයක් ඉල්ලා ඇති අතර මාලදිවයිනේ බලධාරීන් විසින් සාකච්ඡා ආරම්භ කර තිබුණේ ඊයේ රාත්‍රියේය.

මෙම ජෙට් යානය මීට සුළු මොහොතකට පෙර වේලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තව සුළු මොහොතකින් මාලදිවයිනෙන් පිටත්ව යන බවත් ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.
අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟාවීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments