Homeසියලුම පුවත්චාමර සම්පත් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

චාමර සම්පත් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ තවත් සැකකරුවෙකු නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.මන්ත්‍රීවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම තීරණය ලබා දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments