Sunday, November 16, 2025
Homeදේශපාලනජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතයි..

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත බවයි.

මේ අතර කිසිවකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මූල්‍යකරණය යන තේමාව යටතේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ සංවාදයකට ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පොදු රාමුවක් සහ ක්‍රියා පටිපාටියක් නොමැති වීමෙන් මධ්‍ය ආදායම් ලබන රටවලට අත්වන ඉරණම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සමුළුවේදී අවධානය යොමු කර තිබේ.

පසුගිය 19 වැනි දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන 26 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments