2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළව ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල ඇතුළු විශේෂ වියදම් ඒකක 21ක වැය ශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.මෙම වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සහ කිසිදු සංශෝධනයකින් තොරව සම්මත වීම විශේෂත්වයකි.ඒ අනුව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන 21ක වැය ශීර්ෂ මෙලෙස සම්මත වී ඇත.එමෙන්ම පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් විශේෂ වියදම් ඒකකවල වැය ශීර්ෂ ද ඒ අතරට අයත් වේ.

