Monday, April 20, 2026
Homeසියලුම පුවත්ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ ළඟා වෙයි

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ ළඟා වෙයි

ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් 7.4ක භූචලනයක් සිදුවීමත් සමඟ නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම රළ පහර ඉවාටේ ප්‍රාන්තය වෙත ළඟා වී ඇති අතර, එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක පමණ උසකින් සටහන් වී ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනුව, හොක්කයිඩෝ සහ ඉවාටේ ප්‍රාන්තවල පැසිෆික් වෙරළ තීරයට මීටර් 3ක් දක්වා උසැති සුනාමි රළ ළඟා විය හැකි බවට පුරෝකථනය කර තිබේ.
ඊට පෙර, එම භූචලනය හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර, වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීමට උපදෙස් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments