Thursday, November 13, 2025
Homeදේශීයජාත්‍යන්තර ගුවන් සමාගමක් ශ්‍රී ලංකාවට පැමිණීම නවතා දමයි

ජාත්‍යන්තර ගුවන් සමාගමක් ශ්‍රී ලංකාවට පැමිණීම නවතා දමයි

මෙරට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, සමඟ පසුගිය 10 වනදා සිට එම සාමාගම විසින් මෙරටට සිදුකෙරෙන සියලු ගුවන් ගමන් නවතා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ අවලංගු කරන ලද ගුවන් ගමන්වල ප්‍රවේශ පත්වල මුදල් යළි මගීන්ට ලබා දෙන බව ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

බජට් ගුවන් සේවය වන ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවය අප්‍රේල් මාසයේ දී කොළඹ ජනප්‍රිය ගමනාන්තයක් ලෙස සඳහන් කර ඇති අතර ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුමේ වැඩි වීමක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැඩි දේශපාලන හා ආර්ථික අර්බුදය, රට තුළ ඉන්ධන සහ ආහාර හිඟය මධ්‍යයේ ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවීමට බොහෝ ගුවන් සමාගම්වලට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments