Homeසියලුම පුවත්ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමව සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ ඥානසාර හිමියන්ට 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කර තිබුණි.

කෙසේවෙතත් එම සිරදඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණි.

එම ජනාධිපති සමාව නීතියට පටහැනි බව පවසමින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments