Homeසියලුම පුවත්ඥානසාර හිමියන්ගේ සිවුර පිළිබඳ කමිටුව ප්‍රශ්නය කල් දැමීමේ උත්සාහයක් බව එජාපය කියයි

ඥානසාර හිමියන්ගේ සිවුර පිළිබඳ කමිටුව ප්‍රශ්නය කල් දැමීමේ උත්සාහයක් බව එජාපය කියයි

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිව සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.එවැනි පැහැදිලි මඟපෙන්වීම් පවතිද්දී මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම, ප්‍රශ්නය යට ගැසීමට සහ තවදුරටත් කල් දැමීමට ගත් උත්සාහයක් බවට එජාපය චෝදනා කරයි.රජය ගත් මෙම පියවර එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළා දකින බවද එම නිවේදනයේ සඳහන් වේ.එමෙන්ම, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටිය යුතු බවද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයෙන් ඉල්ලා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments