ශ්රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අධිකරණයට දැනුම් දී තිබේ.අදාළ නඩුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විමර්ශන අවසන් බැවින් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.ඒ අනුව, නඩුව යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කළේය.නඩු කටයුතු සඳහා අද අධිකරණයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා නඩු විභාගයෙන් අනතුරුව අධිකරණ පරිශ්රයෙන් පිටව ගියේය.

