දිවයිනේ සියලුම පළාත් සඳහා බලපැවැත්වෙන පරිදි ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (14) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය පස්වරු 1.00 දක්වා වලංගු බව සඳහන් වේ.ඒ අනුව, දිවයිනේ බොහෝ ප්රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

