ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බල සේනා සංවිධානයේ ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ජුනි 26 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි 26 වනදා යළි කැඳවන ලෙස මහාධිකරණය දැනුම් දී ඇත.
මෙම නියෝගය ලබාදී ඇත්තේ බුද්ධික සී. රාගල මහතා විසිනි.
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ජුනි 26ට කැඳවයි

