Homeසියලුම පුවත්ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක්

ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක්

චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට එක්වී තිබේ.මෙම හමුව ෂෙන්ෂෙන් නගරයේ පිහිටි ‘කිලින් විලා’ (Kylin Villa) පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, එය රටවල් තුනේ රාජ්‍ය නායකයන් සහභාගී වන පළමු ත්‍රෛපාර්ශ්වික හමුව ලෙස සැලකේ.සාකච්ඡාවට පෙර නායකයන් තිදෙනා තම රටවල ජාතික කොඩි ඉදිරිපිට නිල ඡායාරූපයකට පෙනී සිට තිබේ.මෙම හමුව වැදගත් රාජ්‍යතාන්ත්‍රික සංධිස්ථානයක් ලෙස හඳුන්වා දී ඇති චීන ජනාධිපති ෂී ජින්පිං, රටවල් තුනේ රාජ්‍ය නායකයන් මෙලෙස එකට හමුවීම ඓතිහාසික වැදගත්කමක් ඇති අවස්ථාවක් බව සඳහන් කර තිබේ.මෙම ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පුටින් සහ ෂී ජින්පිං සමඟ වෙන වෙනම ද්විපාර්ශ්වික සාකච්ඡා ද පවත්වා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments