Homeසියලුම පුවත්බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අගමැතිනිය හමුවෙයි

බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අගමැතිනිය හමුවෙයි

බංග්ලාදේශ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හුමයුන් කබීර් මහතා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර තිබේ.ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සිදුව ඇති දේශපාලන පරිවර්තනවල සමානකම් පෙන්වා දුන් බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයා, යහපාලනය, සමාජ සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් රජයේ වැඩසටහන් පිළිබඳව ද ප්‍රසාදය පළ කර ඇත.එසේම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ තිරසර බලශක්ති විසඳුම් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.සියලු ජන කොටස් වෙත සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ‘එක්ස්පෝ ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස බංග්ලාදේශ ආයෝජකයින්ට සහ ව්‍යාපාරික නියෝජිතයින්ට ආරාධනා කර ඇත.දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments