Thursday, November 13, 2025
Homeදේශීයඩීනෝයි බ්ලොක්ටයි වැඩ වරදී

ඩීනෝයි බ්ලොක්ටයි වැඩ වරදී

ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙක්වන ඩීනෝ හා බ්ලොක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

මාධ්‍යයට අදහස් දැක්වෙමින් ඔහු පැවසුවේ, ආදිවාසි සංස්කෘතියට නිඟාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් ආදිවාසී පරපුර පිළිබඳ සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී කියා සිටියා.

ආදිවාසී භාෂාවද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසුවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments