Homeසියලුම පුවත්ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (25) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.01ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 336.42ක් ලෙසත් සටහන් වී තිබේ.
පසුගිය සිකුරාදා ඩොලරයේ ගැනුම් මිල රුපියල් 342.63ක් වූ අතර විකිණුම් මිල රුපියල් 354.03ක් ලෙස දැක්වුණි.
ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments