අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල යළිත් ශ්රී ලංකා රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව අද (27) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙසත් සටහන් වී ඇත.
ඊයේ (26) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 328.69ක් ලෙසත් සටහන්ව තිබූ අතර, ඒ අනුව අද දිනයේ ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඩොලරය යළිත් ඉහළට

