මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් වෙනත් ගිණුමකට මාරු වීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) මහනුවර ශ්‍රී දළදා මාලිගාව පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතිය තුළ පැවැත්වීමට නියමිත අතර, ලබන 05 වනදා ආරම්භ වන සතිය කාර්යබහුල වන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ලබන 08 වනදා වියට්නාමය ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවද කියා සිටියේය.
ඩොලර් මිලියන 2.5 අස්ථානගතවීම පිළිබඳ විවාදය ලබන 19 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී පැවැත්විය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
ඩොලර් මිලියන 2.5 අස්ථානගතවීම ගැන පාර්ලිමේන්තු විවාදයක්

