Homeසියලුම පුවත්තද සුළං සහ රළු මුහුදු තත්ත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

තද සුළං සහ රළු මුහුදු තත්ත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් නාවික හා ධීවර ප්‍රජාවන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර, මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වෙයි.
කෙසේවෙතත්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශ සඳහා මීට පෙර නිකුත් කළ ධීවර හා නාවික කටයුතු සීමා කිරීමේ අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments