මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 4 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට පෙරේදා (07) තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ පිළිස්සී ගිය මෘත ශරීරය බව්ලාන ප්‍රදේශයේ කැලෑබඳ ස්ථානයක තිබී සොයාගෙන ඇති අතර, එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 18 සහ 41 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පෞද්ගලික අමනාපයක් මත පොල්ලකින් පහරදී අදාළ පුද්ගලයා ඝාතනය කර පසුව ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

