Homeසියලුම පුවත්රජයේ PHP වෙබ් අඩවි සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

රජයේ PHP වෙබ් අඩවි සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

PHP තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර ඇති වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල හඳුනාගෙන ඇති බරපතළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලුම රජයේ ආයතන වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස රජයේ ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී ඇත.CVE-2026-109618 සහ CVE-2026-109619 යන හඳුනාගැනීමේ කේත යටතේ සඳහන් ආරක්ෂක දුර්වලතා හේතුවෙන් පද්ධති වෙත අනවසරයෙන් පිවිසීම, දත්ත සොරකම් කිරීම සහ පද්ධති ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.මෙම අවදානම් අවම කිරීම සඳහා PHP භාවිත කරන සියලුම පද්ධති හඳුනාගෙන ඒවායේ සංස්කරණ පරීක්ෂා කිරීම, අදාළ ආරක්ෂක යාවත්කාලීන කිරීම් කඩිනමින් සිදු කිරීම සහ පද්ධතිවල පිවිසුම් වාර්තා පරීක්ෂා කිරීම ඇතුළු පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.එසේම, වහාම යාවත්කාලීන කළ නොහැකි ඉහළ අවදානමක් සහිත පද්ධතිවල අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමට හෝ ඒවා තාවකාලිකව විසන්ධි කිරීමට ද උපදෙස් ලබා දී ඇත.මේ අතර, GovTech Sri Lanka ආයතනය විසින් මෙම ආරක්ෂක දුර්වලතා පරීක්ෂා කිරීම සඳහා දුර්වලතා හඳුනාගැනීමේ මෙවලමක් හඳුන්වා දී ඇති අතර, එය www.govtech.lk/cvesecure ඔස්සේ භාවිත කළ හැකි බව සඳහන් වේ.අදාළ වෙබ් අඩවිවල ආරක්ෂාව පරීක්ෂා කර ගැනීමට සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා CERT ආයතනය සමඟ සම්බන්ධ වන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.වැඩිදුර තොරතුරු සඳහා GovTech Sri Lanka ආයතනය 0112497900 දුරකථන අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් සම්බන්ධ කරගත හැකිය. ශ්‍රී ලංකා CERT ආයතනය 0112691692 දුරකථන අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් සම්බන්ධ කරගත හැකි බවද දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments