Monday, January 5, 2026
Homeදේශීයතවත් ඖෂධයක් තාවකාලිකව අත්හිටුවයි – අද පරීක්ෂණයක් කරනවා – වෛද්‍ය ජී. විජේසූරිය

තවත් ඖෂධයක් තාවකාලිකව අත්හිටුවයි – අද පරීක්ෂණයක් කරනවා – වෛද්‍ය ජී. විජේසූරිය

කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි රෝගියකු, ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව ඊයේ (26) ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයේන අමාත්‍යංශ මට්ටමින් අද (27) පරීක්ෂණයක් ආරම්භ කරන බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

එතෙක් අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

එම රෝගියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෝ ඇමොක්සික්ලේව් (co amoxiclav) නැමැති එන්නත ලබාදීමෙන් පසුව වන අතර මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments