වටවල ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අද (20) උදෑසන 9:30ට පමණ කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ත්‍රීරෝද රථය තුළ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් කර ඇති අතර, එය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලීසිය සඳහන් කළේ ඇයට නීත්‍යානුකූල රියදුරු බලපත්රයක්ද තිබූ බවයි.
මීගමුව සිට හැටන් ප්‍රදේශයට ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, වංගුවක් සහිත ස්ථානයකදී විරුද්ධ දිශාවෙන් පැමිණි වාහනයකට ඉඩ ලබා දීමට යෑමේදී ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහී ප්‍රපාතයට පෙරළී ඇත.
මෙම අනතුරින් දියණියන් දෙදෙනා සහ මව තුවාල ලබා ඇති අතර, ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.
ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාල

