Homeසියලුම පුවත්තැපෑලෙන් ඩොලර් 626,000ක් වැරදි පාර්ශ්වයකට ගෙවලා

තැපෑලෙන් ඩොලර් 626,000ක් වැරදි පාර්ශ්වයකට ගෙවලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා දෙකකදී වැරදි පාර්ශ්වයකට ගෙවා ඇති බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ව්‍යාජ ඊමේල් පණිවිඩ කිහිපයකට ප්‍රතිචාර දක්වමින් මෙම මුදල් ගෙවීම් සිදුකර ඇති බවය.
2025 වසරේ අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් මෙලෙස තෙවන පාර්ශ්වයකට බැහැර කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකයි

RELATED ARTICLES

Most Popular

Recent Comments