කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (05) ගැනීමට නියමිත බව සමගි ජන බලවේගය පවසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය පිළිබඳ තීරණය කරන බවයි.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වනවිට කෙටුම්පත් කර ඇති බවත්, එය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර සාකච්ඡා පැවැත්වෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

