Homeසියලුම පුවත්2027 සිට සියලු පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් – ගුරු පුහුණුවත් ඇරඹේ

2027 සිට සියලු පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් – ගුරු පුහුණුවත් ඇරඹේ

2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.පූර්ව ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් සභා එක්ව පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් හඳුන්වා දී තිබේ. එම විෂය මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන් ද මේ වන විට ආරම්භ කර ඇත.2027 අයවැය මඟින් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට අමතරව සමාජ හා ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම සඳහා ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළමු වසර දෙක තුළ ප්‍රමුඛ අවධානය යොමු කළේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා බවත්, ඉදිරි වසර තුළ රටේ නව පරිවර්තනයක් ඇති කිරීම අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක වෙනස්කම් සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබේ.එමෙන්ම කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සහ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය හා යහපැවැත්ම තහවුරු කිරීම කෙරෙහි ද අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments