ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීම සහ ඒ සඳහා පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති මෙම සාකච්ඡාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.එහිදී අදාළ උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමටත්, ඊට බලපාන බාධා ඉවත් කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එකඟතාව පළවී ඇත.ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය ක්‍රමවේදයන්ට අදාළ පස් අවුරුදු උපාධි පාඨමාලා සම්පූර්ණ කළ උපාධිධාරීන් සඳහා නියමිත වසරක අනිවාර්ය සීමාවාසික පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික හා පරිපාලනමය ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.ඒ අනුව, ඉදිරි වසර තුළ සීමාවාසික පුහුණුව සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට තීරණය කර ඇති අතර, එහිදී මතුවිය හැකි ගැටලු විසඳීමට අදාළ ආයතන මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු වී ඇත.මෙම උපාධිධාරීන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය යන ආයතනවල පස් අවුරුදු උපාධි පාඨමාලා හදාරා සුදුසුකම් සපුරා ඇති පිරිසකි.යෝජිත වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා ආයුර්වේද රෝහල්වලදී වසරක සීමාවාසික පුහුණුව ලබාදීමට නියමිතය.එම පුහුණුව ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

