මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.මේ හේතුවෙන් නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණෙන පුද්ගලයන් වේලාවක් වෙන්කරගෙන පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවියේ වේලාවක් වෙන්කර ගැනීමේ පද්ධතියට (Appointment System) බලපෑමක් සිදුව නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සඳහන් කර ඇත.ඒ අනුව https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා සාමාන්‍ය පරිදි වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

