තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ විවාහක බිරිඳ යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් තොරතුරු අනුව, මියගිය කාන්තාවගේ පෙම්වතා ලෙස හඳුනාගෙන ඇති සැකකරු සහ ඔහුගේ බිරිඳ ඊයේ (23) වැල්ලවත්තේ සිට යාපනය බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ලැබුණු බුද්ධි තොරතුරකට අනුව යාපනය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි
තෙල්දෙණිය ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේදී අත්අඩංගුවට

