හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය පුද්ගලයින් පස් දෙනෙකු — ඒ අතර ළමුන් දෙදෙනෙකුද සිටි අතර — දියේ ගිලී මියගොස් ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවකට පැමිණි පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05) පස්වරුවේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය පවසයි.
එහිදී පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර, සිව්දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි. තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් විය.
මියගිය අය 12, 16, 19 සහ 27 වියේ වයසැති මාකොළ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.
එම පිරිස සමඟ සිට දිවි බේරාගත් දරුවෙකු අනතුර ගැන පැවසූවේ —
“මුලින්ම මාරවිල පල්ලියට ගියා. ඊට පස්සේ නාන්න මෙතනට ආවා. වතුර වැඩිය තිබුණේ නෑ. එක පියවරක් පස්සට ගිය ගමන් ඇදගෙන වැටුණා. මමත් ගියා, අයියා කෙනෙක් මාව ඇදලා ගත්තා. නෑන්දාගේ ළමයි දෙන්නා නෑ.”
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ වගේ ගංගා, වැව් සහ ජලාශවල දියනෑමේදී අනතුරු සිදුවී මිය යාම බොහෝවිට වැඩිව ඇති බවය.
අනතුරුදායක ස්ථානවල දියනෑම වැළැක්විය යුතු බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කරයි.
දැදුරු ඔයේ ඛේදවාචකය — දිවි බේරාගත් දරුවාගේ සංවේදී කතාව

