දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, මෙම මිල සංශෝධනය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් අඩු කර තිබේ.
එමෙන්ම දැවිතෙල් ලීටරයක මිලද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත.

