Homeසියලුම පුවත්දියතලාවේ බස් අනතුරින් 42කට තුවාල

දියතලාවේ බස් අනතුරින් 42කට තුවාල

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය අසලදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අද අලුයම 1.10ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
බරපතළ තුවාල ලැබූ එක් අයෙකු බදුල්ල මහ රෝහලට මාරු කර ඇති අතර, සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය සාමාන්‍ය බව ද වාර්තා වනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments