Homeසියලුම පුවත්පාසල් සිසුන්ට සහ මගීන්ට පහසුවක් සලසමින් නව දුම්රියක් එක්වෙයි

පාසල් සිසුන්ට සහ මගීන්ට පහසුවක් සලසමින් නව දුම්රියක් එක්වෙයි

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්ගේ සහ අනෙකුත් මගීන්ගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය පසුගිය 02 වැනිදා සිට යළි ආරම්භ කළ බවත්, මේ වන විට එම ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, පොල්ගහවෙල සිට පේරාදෙණිය දක්වා ගමන් කරන පාසල් සිසුන්ට සහ අනෙකුත් මගීන්ට පහසුකම් සැලසීමේ අරමුණින් එළැඹෙන සඳුදා (12) සිට දිනපතා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

නව දුම්රියේ ගමන්වාර කාලසටහන පහතින් දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments