Homeසියලුම පුවත්දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

බෝලවත්ත සහ බොරලැස්ස දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයකදී කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර, වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

දංකොටුව, සුමගි හන්දිය – මැටිකොටුව අතුරු මාර්ගයේදී ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එහි රියදුරු මියගොස් තිබේ. බරපතළ තුවාල ලැබූ ඔහු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

නිකවැරටිය – කුරුණෑගල මාර්ගයේ මාගල්ලේගම ප්‍රදේශයේදී ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ 52 හැවිරිදි පසුපැදිකාරිය නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මුලතිව් – පුදුකුඩිඉරුප්පු මාර්ගයේ 46 කිලෝමීටර් කණුව ආසන්නයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මාන්චෝලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු සිවනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments