Thursday, November 13, 2025
Homeදේශීයදීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද (08) පෙරවරු 6.30 සිට හෙට (09) පෙරවරු 6.30 දක්වා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, වැටුප් හා දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.

වෛද්‍ය හා හෙද වෘත්තීය සමිති හැර සෞඛ්‍ය සේවාවේ සෙසු සියලු වෘත්තීය සමිති අද පැවැත්වෙන වැඩවර්ජනයට එක්ව සිටියහ.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (09) සිට ලබන 15 වැනි දා දක්වා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments