Tuesday, November 18, 2025
Homeදේශීයදුම්රිය ගාස්තුවත් ඉහළට

දුම්රිය ගාස්තුවත් ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නව ගාස්තු සංශෝධනය අනුව තුන්වැනි පන්තියේ අවම දුම්රිය ගාස්තුව රු.20ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම වේදිකා ප්‍රවේශපත්‍ර ගාස්තුවද රු. 20ක් දක්වා වැඩි කර ඇත.

නව දුම්රිය ගාස්තු සංශෝධන බස් ගාස්තුව මෙන් අඩක මුදලක් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ගාස්තු සංශෝධනයට අදාල ගැසට් පත්‍රයද නිකුත් කර ඇති අතර එමගින් මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තු සංශෝධනය කර තිබේ.

නව ගාස්තු හෙට (ජූලි 22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

අදාළ ගාස්තු පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments